The Ceymates

The Ceymates Beyond The Infinite Stories!

ෆෑන්ස්ලාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු‼️😅ජනප්‍රිය One Slide Man... ආ සොරි, One Punch Man ඇනිමේ එකේ තුන්වන සී...
26/06/2026

ෆෑන්ස්ලාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු‼️😅
ජනප්‍රිය One Slide Man... ආ සොරි, One Punch Man ඇනිමේ එකේ තුන්වන සීසන් එකේ දෙවන කොටස (Part 2) 2027 වසරේදී නිකුත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි.

GOAT ලෙවල් එකේ මන්ගා එකක් පාදක කරගෙන හදපු One Punch Man කියන්නේ මුල් සීසන් දෙක හොදටම දීලා, තුන්වන සීසන් එකෙන් trash ලේබල් එක වද්දගත්ත ඇනිමේ එකක්. තුන්වෙනි සීසන් එකට ෆෑන්ස්ලාගෙන් ආපු backlash එක කොච්චරද කියනවා නම්, බහුතරයක් දෙනා ඒ වගේ සීසන් එක ආවෙ නැහැ වගේ හැසිරෙන මට්ටමටම පත්වුණා.

(හරියට Avatar: The Last Airbender live-action movie එකක් තිබුණත්, ෆෑන්ස්ලා "එහෙම එකක් නැහැ" කියලා හිතාගෙන ඉන්නවා වගේ. 😅)

කොහොමහරි,දැන් ඔන්න One Punch Man Season 3 Part 2 ඔෆිෂියලි නිවේදනය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රිලීස් කරපු පෝස්ටර් එක දැක්කට පස්සෙ ඊළඟ එපිසෝඩ් ටිකටත් කලින් සෙතේම අත් වෙයිද කියලා පොඩි බයක් ඇති වුනා.

මොකද Part 1 එකට රිලීස් කරපු පෝස්ටර් එකම , චරිත වල PNG ටිකක් අරගෙන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා තමයි මේ අලුත් පෝස්ටර් එක හදලා තියෙන්නේ. අලුත් එකක් හදන්න කිසිම මහන්සියක් වෙලා නැති පාටක් තමයි මට ඒකෙන් පෙනුනෙ.

(පෝස්ටර් දෙකම කමෙන්ට්ස් වල දාන්නම්.)

හැබැයි මෙතන තියෙන ලොකුම කාරණේ වෙන එකක්!

මන්ගා ලෝකයේ legendary battles අතරින් එකක් විදියට බොහෝ දෙනා සලකන Saitama vs Garou සටන තියෙන්නෙ මේ Part 2 එකේ. ඇත්තටම ඒක Demon Slayer මට්ටමේ animation quality එකකින් හදන්න ඕන සටනක්. ඒ ගැන නම් කතා දෙකක් නැහැ.

ඉතින් අපි ප්‍රාර්ථනා කරමු... කලින් වුණ දේම ආයෙත් නොවේවා කියලා. 🙏

සුභ ගමන් පින්තූ 🙁🏳️ශ්‍රී ලංකාවේ විකාශය වූ අතිශයින් ජනප්‍රිය Yes Boss ටෙලිනාට්‍ය හරහා ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්...
26/06/2026

සුභ ගමන් පින්තූ 🙁🏳️
ශ්‍රී ලංකාවේ විකාශය වූ අතිශයින් ජනප්‍රිය Yes Boss ටෙලිනාට්‍ය හරහා ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කලක් සිටම රෝගාතුරව පසු වුවා.

ඉතින් කලාකරුවනි ඔබට සුභ ගමන් !!!

25/06/2026

මතකද මිතුරනි ඒ රාත්‍රිය⁉️️😪💔

ලබන වසරේ Netflix ඔස්සේ රිලීස් වෙන GHOSTBUSTERS: Night Shift ඇනිමේටඩ් සීරිස් එකේ First Look එක‼️🔥
24/06/2026

ලබන වසරේ Netflix ඔස්සේ රිලීස් වෙන GHOSTBUSTERS: Night Shift ඇනිමේටඩ් සීරිස් එකේ First Look එක‼️🔥

මේක නම් සැරටම උයලා තියෙනවා ඈ‼️🔥ඇනිමේ ලෝකයේ පුරාවෘත්තයක් බවට පත්වුණු One Piece, Netflix විසින් remake කරන බව මීට වසර කිහි...
24/06/2026

මේක නම් සැරටම උයලා තියෙනවා ඈ‼️🔥

ඇනිමේ ලෝකයේ පුරාවෘත්තයක් බවට පත්වුණු One Piece, Netflix විසින් remake කරන බව මීට වසර කිහිපයකට පෙර නිවේදනය කළා.

මේ විදිහට මේ කතාව නැවත නිර්මාණය වෙන්න ප්‍රධානම හේතුව තමයි original anime එකේ අතිශය දීර්ඝ බව. ෆෑන්ස්ලාට නම් එපිසෝඩ් කොච්චර තිබුණත් මදි වුණත්, අලුතින් කතාව බලන්න පටන් ගන්න කෙනෙකුට ඒක ඇත්තටම ලොකු commitment එකක්. ඒ නිසාම මනුෂ්‍ය ඉතිහාසයේ ලියැවුණු greatest fiction අතරින් එකක් කියලා බොහෝ දෙනා සලකන මේ legendary කතාව මිස් කරපු පිරිසකුත් ඉන්නවා.

ඇත්තටම ඒක අපරාදයක්. මොකද මේ වගේ fiction එකක් ලෝකෙ බිහි වෙලා නැහැ කියන එක තමයි මගේ අදහස. ඉදිරියෙත් එහෙම එකක් බිහි වෙයිද කියන එකත් සැකයි. Personally, මම හිතන විදිහට One Piece කියන්නෙ මනුස්සයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම විඳිය යුතු අත්දැකීමක්.

සමහරවිට ඒ නිසා වෙන්න ඇති manga, anime, remake anime වගේම live-action adaptation එකක් හරහාත් මේ කතාව තවත් වැඩි පිරිසක් අතරට ගෙනියන්න ඔවුන් මේ තරම් උත්සාහ කරන්නෙ.

ඉතින් අඩු episode ප්‍රමාණයකින් සහ නව animation quality එකක් සමඟ ප්‍රතිනිර්මාණය වෙන THE ONE PIECE anime එකේ පළමු official trailer එක මේ වෙද්දි නිකුත් වෙලා තියෙනවා.

මේකේ animation ගැන නම් වෙනම කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ වැඩේ භාරගෙන ඉන්නෙ Attack on Titan, Vinland Saga සහ Spy x Family වගේ විශිෂ්ට නිර්මාණ පිටුපස හිටපු WIT STUDIO එක. Trailer එක බැලුවාම පේනවා මේක තනිකරම උයලා තියෙන්නෙ කියලා! 🔥

2027 පෙබරවාරි මාසයේදී මේ anime එක release වෙන්න නියමිතයි.

ඉතින් "දිග වැඩියි" කියලා මෙතෙක් One Piece නොබලපු කෙනෙකුට, THE ONE PIECE එක්ක තමන්ගේ ජීවිතයේ greatest journey එක ආරම්භ කරන්න දැන් පුළුවන්! 🏴‍☠️❤️

(Trailer Link On Comments)

✍️:- Deshan D. Jayasinghe 😈

රජිනි'ගේ 173 වන චිත්‍රපටය "ධර්මන්" ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා‼️🔥කොලිවුඩයේ සුපර් ස්ටාර් රජිනිකාන්ත් ගේ 173 වන චිත්‍රපට...
24/06/2026

රජිනි'ගේ 173 වන චිත්‍රපටය "ධර්මන්" ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා‼️🔥

කොලිවුඩයේ සුපර් ස්ටාර් රජිනිකාන්ත් ගේ 173 වන චිත්‍රපටය ධර්මන් ලෙස අද දිනයේ දි නිල වශයෙන් නම් කරනු ලැබුවා. කමල් හසන්ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය Ashwath Marimuthu විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා. සංගීතය අපි කවුරුත් හදුනන අනිරුද්ගෙන්. 🔥

චිත්‍රපටය නිකුත් වන දිනය පිලිබද තවම සදහනක් නැහැ!

එයා විතරයි අඩු 🥹🇧🇷මෙවර පාපන්දු ලෝක කුසලානය පුරාවට රසිකයන් ආදරය කරන සුපිරි තරු හැමෝම වගෙ වැඩ පෙන්නුවා. නමුත් තාමත් ගොඩ දෙ...
24/06/2026

එයා විතරයි අඩු 🥹🇧🇷
මෙවර පාපන්දු ලෝක කුසලානය පුරාවට රසිකයන් ආදරය කරන සුපිරි තරු හැමෝම වගෙ වැඩ පෙන්නුවා. නමුත් තාමත් ගොඩ දෙනෙක් ආදරය කරන Neymar Jr. ට එකම තරඟයක්වත් ක්‍රීඩා කරන්න උනෙ නෑ Injury එකක් නිසාවෙන්. හැබැයි ඊළඟ තරඟයට Ney සූදානමින් කියලා තමයි වාර්තා වෙන්නෙ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු Neymar Jr. ත් සුපිරි තරු පාටියට එකතු වෙයි කියලා.

𝗔𝗹𝗹 𝗦𝗰𝗼𝗿𝗲𝗱 𝗕𝗿𝗮𝗰𝗲𝘀 🥹❤️පාපන්දු රසිකයන්ට අද දවස විශේෂ වෙන්නෙ ලෝක කුසලානයේ විශේෂම අවධානය දිනාගත් බොහෝ රසිකයන් පිරිසක් ආදරය ක...
23/06/2026

𝗔𝗹𝗹 𝗦𝗰𝗼𝗿𝗲𝗱 𝗕𝗿𝗮𝗰𝗲𝘀 🥹❤️
පාපන්දු රසිකයන්ට අද දවස විශේෂ වෙන්නෙ ලෝක කුසලානයේ විශේෂම අවධානය දිනාගත් බොහෝ රසිකයන් පිරිසක් ආදරය කරන Messi , Mbappe, Haaland & Ronaldo කියන ක්‍රීඩකයන් හතර දෙනාම ගෝල ද්විත්වය බැගින් වාර්තා කිරීමයි.

අන්තිමේදි හැමෝම සතුටින් 🥹❤️

𝗖𝗥𝟳 𝗠𝗮𝗱𝗲 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆 𝗔𝗻𝗱 𝗣𝗼𝗿𝘁𝘂𝗴𝗮𝗹 𝗪𝗼𝗻 🇵🇹❤️2026 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරඟයෙන් පසුව විශාල වශයෙන් Criticism වලට ලක්වූ Cri...
23/06/2026

𝗖𝗥𝟳 𝗠𝗮𝗱𝗲 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆 𝗔𝗻𝗱 𝗣𝗼𝗿𝘁𝘂𝗴𝗮𝗹 𝗪𝗼𝗻 🇵🇹❤️
2026 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරඟයෙන් පසුව විශාල වශයෙන් Criticism වලට ලක්වූ Cristiano Ronaldo ප්‍රමුඛ පෘතුගාලය ඉතාමත් හොඳ Comeback එකක් ලබාගනිමින් ගෝල 5:0 ලෙසින් Uzbekistan පරාජය කිරීමට සමත් වුණා.

මෙහිදී Ronaldo ගෝල 2 ක් වාර්තා කළ අතර , ඔහු වාර්තා පොත් අලුත් කරේ Different World Cups 6 දී ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙසින්. ඒ වගේම පෘතුගාලය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලාභියා වන්නේත් Cristiano Ronaldo යි.

වන් පීස් රීමේක් එකේ අලුත්ම ඔෆීශියල් පෝස්ටර් එක‼️❤️පලමු නිල ට්‍රේලරය හෙට නිකුත් වෙනවා.
23/06/2026

වන් පීස් රීමේක් එකේ අලුත්ම ඔෆීශියල් පෝස්ටර් එක‼️❤️

පලමු නිල ට්‍රේලරය හෙට නිකුත් වෙනවා.

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when The Ceymates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category