Civilianslk

Civilianslk CIVILIANS is a documentary film ptroduction company established to provide innovative & creative solutions.

02/01/2026

මව්බිම ණයානන්දය විමසුම. ප්‍රේමතිලක පේරුකන්ද.

27/12/2025
07/12/2025

පොත් කියවලා ඕන තරම් අඬල ඇති. ඒත් කවදාවත් සුරත්ගේ පොතක් කියවලා කම්මුල දිගේ සීරුවට කඳුලක් වැටේ යැයි කියලා හිතිලා තිබුණේම නෑ 😥

සමහර FB post කියවද්දි ඒවා කියවෙන්නේ ඒ ලියපු කෙනාගේ කටහඬින් , ණයනාන්දය පුරාවටම මට හිතුණේ මම සුරත් එක්ක long chat එකක් දානවා කියලා

කොහෙම උනත් අපි පුදුමාකාර ණයකාරයෝ ටිකක් නේ කියලා ඇන්සයිටි වලට බෙහෙත් ගන්න වෙන තරමට ණයනානන්දය කියවලා පත් කිරීම පිළිබඳව ජුනියර් ද මැල් මහතාට මෙව්වා එක පිරිනමමි.

ඇත්තටම කාලෙකින් මම එක දිගට පොතක් කියවා නිම කිරීමේ නිරාමිස සුවය විඳිමි 😄

ලියා ඇත්තේ මම ගැන වින්‍යා ගැන සෙව්වන්දි ගැන මහේල ගැන අරවින්ද ගැන අපි ගැන වගේම වර්තමානය ගැන හින්දමත් වෙන්න ඇති

සුරත්ගේ පොත් එක එක විදියට එක එක journey මාව ගෙනිහිල්ලා තිබ්බත් අනික් පොත් හැම එකකටම වැඩිය සුරත්ගේ භාෂාව කියන ගිණුම නං පොහොසත් වෙලා කියලා ණයනාන්දය කියවද්දි මට හිතුණා.

"කසාද සහතිකේ ලැමිනේට් කලාට කසාදේ ලැමිනේට් කරගන්න බැරි වුණා නේද ???"

දික්කසාද නඩු හැමදාම වගේ දකින මගේ කසාදෙත් මටම ලැමිනේට් කරගන්න බැරි වුණ මට ඒකට නං හිනා ගියා 🤣

phone unlock කරන් අපි අපිව අමතක කරන් සමහර වෙලාවට අමුලික බොරු ඇද බාන ගමන් විවාහය පරිස්සම් කරගන්න හැදුවත් අපි කන ක්ෂණික කෑම හින්ද ද මන්දා විවාහය ලැමිනේට් කරගන්න බෑ නේද කියලත් හිතුණා ??

"ජීවිතයත් සිගරට්ටුවක් වැනිය එක් අගක් සුරෑපි සෞභාග්‍යයෙන් ආඩඨ වුවත් අනෙක් කෙළවර දැවෙන්නේය දැවී දැවී නිම වෙන්නේය "

කිසිම දේකින් සතුටට පත් විට නොහැකි මහේල එවැනි මුඩුම ගතිගුණ ඇත්තෙකු බවට පත්කලේ සමාජයද ? ආර්ථිකයද ? ආණ්ඩුවද ? චපල ගැහැනියක්ද ? කුඩා අවදියේ අත්දෑකීම්ද ?
ණයනාන්දය කියවලම හොයා ගන්න වෙනවා

ණයනාන්දය පුරාවට ඔබට මට අදත් හෙටත් හමු වෙන හමුවී සිනාසෙන සිනාසී ජීවිතයට ආශිර්වාදයක් වෙන ජිවිතයේ වෙනමම ඉසව් කරා අපිව එක්කන් යන චරිත ගණනාවක් හමු වෙනවා මේ සියලු චරිත වල විශේෂිත්වය විදියට මට දැනුනේ කිසිදු චරිතයක් පරමාදර්ශී චරිත නොවීමය කිසිදු චරිතයක් ගැන කිසිදු ආකාරයක ද්වේෂයක් තරහවක් ඇති නොවන්නට නිර්මාණය වීම පුදුමසහගතය
ඒකට නං කතුවරයාට ප්‍රශංසාවක් හිමි විය යුතුමය.

කල්පනී ගැන ඉඳහිටක පොඩි අමනාපයක් පහළ වුවද කතුවරයා විසින්ම කල්පනීගේ journey එක පහදන නිසාවෙන් කල්පනී එක්ක තිබ්බ පොඩි කෝන්තරය කතුවරයාම සමතයකට පත්කීරීම හොඳ වන්නේ ගෑනුන්ට ගෑනු ඊරිසියා කිරීම නොකළ යුතු නිසාය

"සමහර දොරටුවලින් ඇතුළු වීම පහසුය, පිටවීම අපහසුය …සබඳතාවය දොරටුවට වඩා මහත් වී නම් පිටවනු බැරිය '

අපි ගොඩාක් දේවල් වලට පහසුවෙන්ම ඇතුළු වී පිටවීම සොය සොය අතරමං වෙලා නේද ??? සමහර තැන්වලදී මාත් ණයනනාන්දයේ පිටු අතරින්ම දොරටුවකට ඇතුළු වෙලා එළියට එන්න බැරිව හිටියා

අද අපි මුහුණ දෙන යථාර්ථය ලිවීම පහසු දෙයක් නොවේ . සත්‍යය යථාර්ථය ලිවීම පහසු දෙයක් නොවේ . ඈත අතීතයේ කතාවක් ගැන ලිවීම පහසු වන්නේ අපි එදවස ගැන නොදන්නා හෙයිනි .
නමුත් අපි දන්නා අද ගැන අපි දන්නා මම ගැන අපි දන්නා අපි ගැන ලීවීම සුරත් සීරුවට සිදු කර ඇත . අපි කුඩා අවදියේදී පාන් භාගයක් ගේන්න කඩයට දිව්වත් අද අපි යන්නේ සුපර් මාර්කට් එකටය සුපර් මාර්කට් එකේ පාන් භාග නැත ඒ අපි අත්විඳිනා යථාර්ථයය්

ආදරය ගැන කියවෙන තැන් ණයනානන්ද ගැන කියවෙන තැන් විවාහය ගැන කතා කරන තැන් දික්කසාදය ගැන කතාබහ වෙන තැන් ඇතුලේ කතුවරයා ජීවිතය ඇතුළට කොයි තරම් කිඳා බැහැලා තියෙනවද කියන එක මතු වෙනවා

ණයනාන්දයේ ආනන්දය තියෙන්නේම ලලනානන්දය විවරණය කිරීම තුළයි
ණයනාන්දයේ සියලුම ලලනාවන් සුරත්ගේ පෑනට අහු වෙලා තිබ්බ ආකාරය මට ගෙනාවේ ආස්වාදයක්

සින්ගල් පේරන්ට් කෙනෙක් වෙන එක ලේසි නෑ මහේල එක්ක ප්‍රේමයෙන් බැදෙන්නේ මහේල ඇතුලේ ඉන්න තාත්තාව feel වෙන නිසා මහේල ජීවිතේ අතාරින්න හදනවා කියලා තේරෙන කොට මට මහේල එක්ක මල පැන්නා මහේලගේ අතණුබහනයට ඇමතුමක් දි මම ඇවිත් සෙහස්ව බලා ගන්න උදව් කරන්නම් මට බේබි සිටින්ග් පුලුවන් යැයි කියන්න ට මට හිතුණා

සෙහස් කටුනායකින් ගුවන්යානයට නගින විට මහේල කඳුළු දරාගත්තත් මට නම් දරාගන්නට නොහැකි වුනා බොහෝම සීරැවට සෙහස් සුරත් අතින් දිගහැරන්නේ පපුවේ කොනක සෙහස් වෙනුවෙන් soft corner එකක් එක්ක සෙහස් miss වෙන feeling එකක් මටත් ඇති කරමින්

දිගම දිග කතාවක් ක්‍රමානුකූලව සංස්කරණය කරමින් අපේම ජීවිත අප ඉදිරියට ණයනානන්දය ගෙනැවිත් දෙයි ශ්‍රි ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය IMF එකට ඇති ණය මොන කජ්ජක්ද හිතෙන තරමට අපේ ජීවිත ණයනානන්දය කොට තිබේ

මහේලගේ ජීවිතයේ බොහෝ දෑ තීරණය කරන ඔහුගේ ලමා විය නවකතාව තුලට ගෙන ආ ආකාරය අපුරුය
මහේල වෙලාවකට මෙලෝ රහක් නැති මුඩුමයෙක් වෙන්නේත් අනෙක් වෙලාවට සහකම්පනයෙන් පිරීගිය මනුස්සයෙක් වෙන්නෙත් මේ නිසා වෙන්නත් ඇති

කොහොම වුනත් අවසානයේ සෙව්ව සෙව්ව හම්බ නොවෙච්ච සෙව්වව මම හෙව්වා

~ලක්ෂි

Address

25/1, Laxhapathiya Road, Rawatawatte
Moratuwa
10400

Telephone

+94773124505

Website

Alerts

Be the first to know and let us send you an email when Civilianslk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Civilianslk:

Share