02/11/2025
Happy Birthday srk 🌹
"ඔයාගේ ඇස්වල අමුතු දෙයක් තියනවා. ඒක ඇක්ශන් ෆිල්ම්ස් වලට නාස්ති කරන්න එපා"
ආදිත්‍ය චොප්‍රා එහෙම කීවේ දිල්වාලේ දුල්හානියේ චිත්‍රපටයේ රඟපෑමට ශාරුක් අදිමදි කරපු වෙලාවක.
ආදිත්‍ය චොප්‍රා "දිල්වාලේ දුල්හානියා ස්ක්‍රිප් එක ලියන්නෙ ටොම් කෲස්ව හිතේ තියාගෙන. නමුත් පස්සෙ මේ ස්ක්‍රිප්ට් එක සයිෆ් අලී ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන් කියන බොලිවුඩයේ සුපිරිම නලුවන් අතටත් යනවා. හැබැයි කවුරුත් මේක භාරගන්නෙ නෑ. අවසානේ ආදිත්‍ය යන්නේ ඒ කාලේ දුශ්ට චරිත වලටම සීමා වුන ශාරුක් ඛාන්ගෙ ලගට. හැබැයි ශාරුක් මේක භාරගන්නෙත් නෑ.
ඒත් ආදිත්‍ය උත්සහය අතහරින්නෙ නෑ . ඔහු මාස දෙකක් තිස්සේ ශාරුක් වැඩ කරන ෆිල්ම් සෙට් වලට යනවා. ගිහින් පැහැදිලි කරනවා. නමුත් ශාරුක් ඉන්නේ ලව් ස්ටෝරි එකක් කරන් නෑමයි කියන මතයේ.
කොහොම හරි දවසක් ආදිත්‍ය දකිනවා ෆිල්ම් සෙට් එකට ආපු වයස අවුරුදු 80ක පමණ කාන්තාවක් ශාරුක්ට කියනවා " පුතා මම ඔයාට හරිම කැමතියි. ඔයා හොඳට රගපානවා. ඒත් හැම ෆිල්ම් එකේම අවසානෙට ඔයා මැරෙනවා, එහෙම නැත්තන් මරනවා. මම ඒකට ආසා නෑ" කියලා. මෙන්න මේක ආදි එයාගෙ පැත්තට හරවාගන්නවා.
ඔහු ශාරුක්ට කියනවා " ඔයා මගේ ෆිල්ම් එකට කැමති නැත්තන් කමක් නෑ. මම දන්නවා ඔයා මට බෑ කියල කියන්න බැරි කමටයි ඉන්නෙ කියලා. නමුත් කවදාවත් ලව් ස්ටෝරි එකක රගපාන්නෙ නෑ කියන මතයෙ ඉන්න එපා. මොකද මේ රටේ සුපිරි තරුවක් වෙන්න පුලුවන් හැම අම්මෙක්ගෙ පුතෙක්, හැම සහෝදරියකගෙම සහෝදරයෙක් සහ හැම කොලේජ් යන ගෑනු ළමයෙක්ගෙම පෙම්වතා වෙන්න පුලුවන් කෙනෙක්ට විතරයි " කියලා.
මේ සංවාදයෙන් පස්සෙ ශාරුක්ගෙ අදහස වෙනස් වෙනවා වගේම නැවත ආදිත්‍යව මුණගැසුනම ශාරුක් ෆිල්ම් එකට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් ඉතිරිය ඉතිහාසගතයි. මේ කතාව අද මට ලියන්න හිතුවෙ අද විශේශ දවසක් නිසා.
අද ශාරුක් ඛාන්ගේ 60 වන උපන්දිනය. බොහෝ කාලයකට කලින් තමන්ගේ සිහින වලින් විතරක් සාක්කු පුරවගෙන බොම්බායට ආපු පිරිමි ළමයාගේ සිට බොලිවුඩයේ සිහින කුමරුන් දක්වා ආ ජීවිත ගමනේ අද එක් සන්ධිස්ථානයක්. ඉතින් ඔබට සුබ උපන්දිනයක් වේවා සිහින කුමරුනි. දශක තුනක් පුරා සිනමාවේ හදගැස්ම වූවාට ස්තූතියි ❤️
-විශ්-