Buki jock - බුකී ජෝක්

Buki jock - බුකී ජෝක් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buki jock - බුකී ජෝක්, පිට රට බන්, Kurunegala.

23/01/2026
දැකලා තියනව ද ව්‍යාඝ්‍රයෙක් කැලෑවක ජීවත්වෙන විදිහ ?එච්චර ඕන නෑ.ස්පාර්ටකස් ට හිටිය ලු තමන්ගෙ ලඟින්ම තමන්ගෙ ආරක්ශාව වෙනුවෙ...
19/06/2024

දැකලා තියනව ද ව්‍යාඝ්‍රයෙක් කැලෑවක ජීවත්වෙන විදිහ ?

එච්චර ඕන නෑ.
ස්පාර්ටකස් ට හිටිය ලු තමන්ගෙ ලඟින්ම තමන්ගෙ ආරක්ශාව වෙනුවෙන් සටන් කරන යුදෙව් ග්ලැඩියේටර්වරයෙක්.
මිනිහා වැඩි කතා නැති,අඬු දිග,හරිම කම්මැලි කාලවර්ණ යුදෙව්වෙක්. හැබැයි සටන් වලදි රෝම රුධිර වියරුවෙන් පෙළුණු මේ යුදෙව්වා නවත්තන එකනම් රෝමාණු හමුදාවට ලේසි වුණේ නෑ. සටන් තුළ ව්‍යාඝ්‍රයෙක් මෙන් වියරුවෙන් ආයුධ හසුරවන මේ යුදෙව්වා ගැන කියවද්දි මට මතක් වෙන්නෙ
තවත් එහෙම කම්මැලියෙක්ව. මිනිහගෙ නම ක්‍රිස්ටෝෆර් හෙන්ඩ්‍රි ගේල් . ඔහුත් ක්‍රිකට් ලෝකයේ දරුණු ග්ලැඩියේටර්වරයෙක් .ඔව් ඔව් ! මේ කතාකරන්නෙ UNIVERSAL BOSS ගැන 😶.
මේ කාලය ජැමෙයිකාව අධික දිළිඳුකමින් මිරිකුන කාලයක්.ඇතැමුන්ට කුසගිණි නිවාගන්න තරම්වත් ආහාර නොතිබුණ කාලයක්.ඒත් එහෙ තිබුණා සුද්දො හොයාගත්ත දිව්‍ය භෝජනයක රෙසිපිය වෙනස් කරපු අපූරු කෑමක්. ඒ තමයි වීදි ක්‍රිකට් 🌟. ක්‍රිකට් හොයාගත්තෙ සුද්දො වුණාට මේක හොයාගත්තෙ කොල්ලො.ඉතින් ක්‍රිස්ටෝෆර් කියන්නෙත් කුසගින්න අමතක කරන්න වීදි ක්‍රිකට් ගහපු එහෙම කොල්ලෙක්.ඔහුගේ හැම පහරක්ම කුසගින්න නිසා ක්‍රියාත්මක වන ඇන්ජිමක ඇන්ජින් ධාරිතාව පෙන්නුවා.

"ලූකස් ක්‍රිකට් සමාජය"
ලෝකයක් විතරක් නෙවෙයි, විශ්වයක් අදුනන මේ ශක්තිමත් බාහු හිමි යෝධයව ක්‍රිකට් අරීනාව වෙනුවෙන් නිර්මාණය කෙරුණු ප්‍රථම පුහුණු පාසල මේක.
තරුණ ගේල් තමන්ගෙ ඉරණම සොයායන ගමන ඇරඹුවෙ මෙතනින්.

ගේල්ට ම ආවේණික මේ දරුණු පිතිකරණ රටාව, ගේල්ව ඉතා ඉක්මනින් ම කැරිබියානු ක්‍රිකට් බලධාරීන්ගේ සිහින තුළ ජීවත් කරවන්නට සමත් වෙනවා.

වසර 2000 දී තම ජාත්‍යන්තර ක්‍රිකට් පිත්ත අතට ගන්න ගේල් මේ පිත්ත UNIVERSAL BOSS ගෙ ක්‍රිකට් පිත්ත වෙයි කියලනම් සිහිනෙන්වත් හිතන්න නැතුව ඇති.ඒත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියනම් ගේල් ව හිතුව තරම් සුහඳව පිළිගත්තෙ නෑ.
ඔයාලා වීදි ක්‍රිකට ගහලා තියනව ද ?
එන එන බෝලෙට පාර හදන එක තමයි ඒකෙ තියන එකම තාක්ෂණය. මේ කියන්නෙ ගේල් කිසිම තාක්ෂණයක් නැති ක්‍රීඩකයෙක් කියලා නෙවෙයි. හැබැයි එන එන බෝලෙට පාර හදන්න හිතන බූතය නම් ගේල්ගෙ පිත්ත ඇතුලෙ තවමත් හැන්ගිලා හිටියා. මේ නිසාම ඉතා ඉක්මනින් ගේල්ව නැවතත් ක්‍රීඩාගාරය වෙත යවන එක මේ බූතයා හරි උජාරුවෙන් කරා.
ටිකෙන් ටික ගේල් බෙර පදය වෙනස් කරා. සමහරවිට දුම්මලත් ගහන්න ඇති. මොකද ඔය බූතයා යවන්න එච්චර ලේසි නෑ.
ගේල් මන්තරය වෙනස් කරලා තිබුණා.
වසර 2001 දි මේ යෝධයාගෙ පළමු ටෙස්ට් ශතකය වෙනුවෙන් සිම්බාබ්වේ පන්දුව හන්දි තෙල් ගාගන්න තීරණය කරා.
වසර 2002 දි ඔහුගේ පළමු ටෙස්ට් දිත්ව ශතකය වෙනුවෙන් පන්දුවෙ හන්දි තෙල් ගාන වඟකීම බාරගත්තෙ නවසීලන්ත පන්දු යවන්නන්.
2002 වසරේදි ඔහුගේ නම ඉදිරියෙන් ලියවුණු එක්දින ශතක සංඛ්‍යාව තුනක්.
2005 වසරේදී දකුණු අප්‍රිකාණු පන්දු යවන්නන්ට හන්දි තෙල් ගාන්න පන්දුවක් ඉතුරු වුණේ නෑ.මොකද ගේල් තම පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කරන්නෙ ඔවුනට එරෙහිවයි.එහිදී ගේල්ගේ නම ඉදිරියේ ලියවුණු ලකුණු සංඛ්‍යාව ලකුණු 317 ක්.
2007 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙදි දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ක්‍රීඩාන්ගනය දෙස නොව ගුවන දෙස බලාසිටින්නෙ මන්දැයි ප්‍රශ්න අසන මේඝයන්ගේ ගුමු ගුමුවක් ප්‍රේක්ශකයන්ට දැනෙන්නට වුණා. ගේල්ගේ පිත්තේ වදින පන්දුව ක්‍රීඩාංගණයෙන් ඉවතට පලා යන්න දැරූ උත්සහය ඔහුගේ ප්‍රහාරයේ තරම ප්‍රකාශ කරා. ප්‍රේක්ශකයන් විසින් නැවතත් පන්දුව ක්‍රීඩාංගණය ට විසි කිරීම මානව සංහතියේ කෲරත්වයත් ප්‍රකාශ කිරීමට සමත් වුණා.ගේල් තම ප්‍රථම විස්සයි විස්ස ශතකය සිත්තම් කරන්නෙ එහෙම. ඒ අනුව ජාත්‍යන්තර තරඟ රටා තුනේදීම ශතක වාර්තා කළ පළමු ක්‍රීඩකයා වෙන්නට
ජැමෙයිකාවෙ වීදි ක්‍රිකට් ඔහු වෙනුවෙන් පාවඩ එලා තිබුණා.

2009 විස්සයි විස්ස තරඟාවලියේදී ගේල්ගේ වාර්තාව ඉස්සරහ දණ නමන්නට සිදුවන්නෙ එවකට ප්‍රබල කණ්ඩායමක් වුණ ශ්‍රී ලංකා කණ්ඩායම ට. විස්සයි විස්ස තරඟයක ඉණිම අවසන් වන තුරු ක්‍රීඩා කල පළමු ක්‍රීඩකයා වන්නෙ ඔහු. ඔහු ඉදිරියේ ලියවුණු ලකුණු ප්‍රමාණය ලකුණු 63 ක්.

333 මතක ද මේ නොම්මරය ?
වර්ශය 2010 .
ප්‍රතිවාදී පිල ශ්‍රී ලංකාව.
ගේල් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 333 ක් .
එම ත්‍රිත්ව ශතකය ඔහුට පාවඩ එලන්නෙ ටෙස්ට් ත්‍රිත්ව ශතක දෙකක් හිමි ලොව සිව් වන ක්‍රීඩකයා යන ගරු නාමය වෙතයි.

ඔබ දැකලා ඇති මුළු ලෝකයක් ආදරය කරන ක්‍රීඩකයන් බොහොමයක්. ඒත් මුළු විශ්වයක් ආදරය කරන ක්‍රීඩකයෙක් දකින එකනම් විවාදයක් නෑ ඒ ඔබේ වාසනාව.
මම එහෙම වාසනාවන්තයෙක්.
ඔව් ! මේ පුදුම සහගත කාලවර්ණ යෝධයාට ප්‍රේම නොකරණ ප්‍රේක්ශකයෙක් ඔබට මුළු විශ්වයේම සෙව්වත් සොයාගන්නට වෙන්නෙනම් නෑ.

copied.

Address

පිට රට බන්
Kurunegala
60152

Telephone

0778648897

Website

Alerts

Be the first to know and let us send you an email when Buki jock - බුකී ජෝක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share