NIM TV

NIM TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NIM TV, Cinema, No 274B, 6 Kandeawela, Uduwa South, Kuda Uduwa < Horana, Horana.

20/08/2026

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනිය,
ඔබට නිවන් සුවය ලැබේවා 🙏

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබේ.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී. එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය.

"දන්නෝ බුදුන්ගේ" වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

20/08/2026
14/08/2026

ආදරණීය දූ පුතුන් වෙනුවෙන්....♥️🎤📢🎤
වසර ගනනක් සිරකරගෙන සිටි ඔබේ නිවේදන, කථික ,නර්තන, ගායන ,නායකත්ව දක්ෂතා එළිදැක්වීමට කදිම අවස්ථාවක්...
අගෝස්තු 16 .. හොරණ රාජකීය ජාතික පාසල් නව ශ්‍රවණාගාරයේදී....💪🙏👍

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය  (Online)  ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්...
12/08/2026

🌟 2027 පහ වසර ශිෂ්‍යත්ව විභාග 5 වන ශ්‍රේණිය (Online) ශිෂ්‍යත්ව පන්තිය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟
​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැන්ත සජීවී සත්කාරය!
​ගුරු, සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති, රජයේ පාසල් ආචාර්ය, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් (Anton Sir) මෙහෙයවන විශේෂ ශිෂ්‍යත්ව පන්තිය සඳහා ඔබේ දරුවාවත් අදම එකතු කරගන්න! 🌟

​🗓️ ​පන්ති ආරම්භය: සැප්තැම්බර් මුල සිට.
​​💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!
​📺 සම්බන්ධ වන්නේ කෙසේද?
https://chat.whatsapp.com/BZ44bF8DfnwGtHso7NoyyU
​ඔබේ නිවසේ සිටම පහසුවෙන්ම සජීවීව (Live) සම්බන්ධ විය හැක.

​👉 anton sir EDU (Anton Sir) ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව එකතු වන්න!
​🎯 දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා! අදම FB Page එක Like / Follow කර තබා ගන්න.

09/08/2026

ඉංගිරිය දීපාලෝක විහාරයේ පැවැත්වූ❤️❤️❤️
තුරුණු සිතට දහම් සිසිල -2026🌷🌷🌷🌷
සජීවී විකාශනය සමඟින්📽️📽️📽️📽️📽️📽️

08/08/2026

ඉංගිරිය දීපාලෝක මහා විහාරාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, භාරකාර තැම්පත් නාරංවත්තේ ධම්මසිරි හිමියන්ගේ මගපෙන්වීමෙන්, ඉංගිරිය දීපාලෝක විහාරවාසී හිරු TV සමාජ සංගායනා ධර්ම දේශක නියංගම රතනසිරි හිමියන්ගේ සංකල්පයක් අනුව පවත්වන
තුරුණු සිතට දහම් සිසිල

NIM FOCUS MEDIA
075 93 99 184

06/08/2026

තුරුණු සිතට දහම් සිසිල අසිරිමත් පිංකම පස් වන වරටත් ඉංගිරිය දීපාලෝක විහාරයේදී අගෝස්තු 08 වනදා පස්වරු 6.00 සිට. පිංකැමති ඔබ සැමට ආරාධනා...
සජීවී විකාශණය : NIM FOCUS MEDIA🎬🎬🎬🎬🎬
☸️දහම් දෙසුම☸️
ත්‍රිපිඨකාචාර්ය, පණ්ඩිත, රූපවාහිනී හා ගුවන්විදුලි ධර්ම දේශක, පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම පොඩි හාමුදුරුවෝ.
☸️ආශිර්වාද අධිෂ්ඨාන පූජාව☸️
හිරු සීල පාරමිතා කාව්‍ය ධර්ම දේශක, පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමි.
ඉංගිරිය දීපාලෝක විහාරවාසී හිරුටීවී සමාජ සංගායනා ධර්ම දේශක, පූජ්‍ය නියංගම රතනසිරි හිමියන්ගේ සංකල්පයක් අනුව, දීපාලෝක විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ හා කැටපත් පවුර සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම පිංකමට පිංකැමති ඔබ සැමට ආරාධනා.... See less

01/08/2026

හොරණ නගර සභාව මගින් සංවිධානය කරන මහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
| සජීවී විකාශණය

NIM FOCUS MEDIA
075 93 99 184

Address

No 274B, 6 Kandeawela, Uduwa South, Kuda Uduwa < Horana
Horana
12500

Website

Alerts

Be the first to know and let us send you an email when NIM TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category