02/02/2023
හිමිදිරියේ මාදුටු මිල්ලෙ සොයා....
"සල්ලි සොයා" ඉතාලි සිහිනයක් දකින 70/80 දශකයේ ඛේදවාචක අර්බුද අතර සිරවූ ලාංකීය තාරුණ්‍ය පිලිබදව දිග හැරෙන කියවීම මිල්ලේ සොයා චිත්‍රපටය පුරා සටහන් වේ.
ප්‍රධාන චරිතය වටා ගොඩනැගුණු සිද්දිදාමයක් හා ඔහුගේ ජීවිතය පිලිබද කියවීම සහ ෆැන්ටසිය අපුර්වාත්මක සිනමාකරණයක් හරහා දිගහැරීමට චිත්‍රපට අධ්‍යක්ෂක බූඩි කිර්තිසේනයන් ඉමහත් පරිශ්‍රමයක් දරා තිබේ.
චිතපටයේ ප්‍රධාන චරිතයෙන් මහේන්ද්‍ර පෙරේරා ද කමල් අද්දරාරච්චි,ජැක්සන් ඇන්තනී සහ ප්‍රධාන නිලිය ලෙස සංගීතා වීරරත්න ද චිත්‍රපටය සදහා අදටත් වලංගු නැවුම් භාවයක් ගෙන එනු ලබයි.
මෙහි එවකට ලාංකීය සමාජ,ආර්ථික,දේශපාලන පසුබිම පිලිබද විචක්ශනශීලී අරුත් පැහැදිලි කිරීමක් සහ ලාංකීය තාරුණ්‍යය එවකට මුහුනදුන් ඛේදවාචකය පිලිබදව මනා කියවීමක් අඩංගු වේ.
මේ සියල්ල ගත් කලී කනගාටුවට කාරණය නම් මෙම චිත්‍රපටය නිර්මානය කර වසර 25කට පසුවත් මෙහි අන්තර්ගත සමාජ,දේශපාලනික,ආර්ථික කරුනු කාරනා වර්තමාන තුල වලංගු වීමයි
එසේනම් හිතවතුනි ලාංකීය තාරුන්‍යට ලෝකය හා ඒකාත්මික වෙමින් ඉදිරියට යාමට හා නව සංකල්ප ගොඩ නැගීමට අවකාශය ලැබෙන්නේ කවදාද?
කතිකාවතක් ගොඩනැගූ
"හිමිදිරියට"
මහෙශ් හපුගොඩ මහතාට
ප්‍රන්නාමය....
-බාසු-