S p S cinema

S p S cinema cinema ලෝකය

10/12/2025
06/12/2025
⭕HEADSHOT ( 2016 )◾Action/thriller ◾6.3/10 IMDB◾subtitle by cineru.lk  සජිත් ධනන්ජයහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේHeadsho...
06/12/2025

⭕HEADSHOT ( 2016 )
◾Action/thriller
◾6.3/10 IMDB
◾subtitle by cineru.lk සජිත් ධනන්ජය
හොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ
Headshot (2016): Action චිත්‍රපට පිස්සන්ට මගහරින්නම බැරි පට්ට ෆිල්ම් එකක්.

ඔන්න බොරු Hollywood action දැකලා එපා වෙලා නම්, මේක තමයි අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එක. The Raid ෆිල්ම් එකේ හිටපු සුපිරි නළු Iko Uwais තමයි මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දුනීසියානු සටන් කලාවක් වන Pencak Silat භාවිතා කරලා කරන හිතාගන්න බැරි වේගවත් සහ අමුම අමු ෆයිට් සීන් මේකේ තියෙනවා.

Action ෆිල්ම් බලන අයට Iko Uwais ව අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑනේ. මේ ෆිල්ම් එකේ එයා Ishmael විදියට රඟපානවා. මතකය නැති වෙලා ඉන්න එයාට ජීවත් වෙන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. අනිත් නළුවෝ වගේ නෙමෙයි, Iko එයාගේ ස්ටන්ට්ස් ඔක්කොම තනියම කරන්නේ. එයා ගහන පාරවල් නිකන් ඩාන්ස් එකක් වගේ තිබ්බට, ඇට කටු කැඩෙන්නම ගහනවා.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හොරර් ෆිල්ම් හදන The Mo Brothers ලා. ඒ නිසා මේකේ ෆයිට් නිකන්ම ෆයිට් නෙමෙයි, ටිකක් බය හිතෙන රලු ඒවා. ඇටකටු කැඩෙන සද්දෙට හම ලොමු ඩැහැ ගැන්වෙනවා.

කතාව ගැන කිව්වොත්, වෙරළට ගහගෙන එන හාදයෙක්ව තරුණ ඩොක්ටර් කෙනෙක් බේරගන්නවා. එයාට පරණ දේවල් මුකුත් මතක නෑ. පස්සේ එයාගේ පරණ හතුරෝ එයා පස්සේ එනවා. අර කෙල්ලව බේරගන්න මේ අහිංසක මනුස්සයාට ආයෙම යකෙක් වෙන්න සිද්ධ වෙනවා.

John Wick, The Raid වගේම සුපිරි ෆයිට් සීන් මේකේ තියෙනවා. ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම ඇක්ෂන් තමයි. යාලුවොත් එක්ක සෙට් වෙලා රෑක බලන්න මරු ෆිල්ම් එකක්.

හැබැයි පොඩි අවවාදයක් දෙන්න ඕන. මේකේ ලේ පෙරාගෙන ගහගන්න ඒවා ගොඩක් තියෙනවා (Rated R). ඒ නිසා ලේ දකින්න බය අය නම් මේක බලන්න එපා. කොහොම වුනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්. පොප් කෝන් ටිකක් ලෑස්ති කරගෙන සවුන්ඩ් වැඩි කරලා දැන්ම බලන්න පටන් ගන්න.
ඔයාලාට මේක බලන්න කියලා මතක් කරන ගමන්, ආයෙත් වෙනස්ම කතාවක් එක්ක cineru.lk එක්ක හම්බවෙමු!

Movie link°~ https://www.facebook.com/share/v/1BRJqLbBT6/

⭕Field of Fears – The Haunting of Randolph      County Asylum◾රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ◾Do...
05/12/2025

⭕Field of Fears – The Haunting of Randolph County Asylum
◾රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම්
◾Documentary/Horror/Adventure
◾English
◾subtitle by ÷ cineru.lk ප්‍රබුද්ධ දර්ශන

කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අද අරගෙන ආවේ නිකම්ම ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඇත්තටම සිද්ධ වුනු, බලද්දි ඇඟ හිරිවැටෙන දේවල් පිරුනු වාර්තාමය (Documentary) ආරයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. හොල්මන් චිත්‍රපට (Horror) වලට ආස ඔයාලට නම් මේක කියාපු භාණ්ඩයක්.

මේකේ කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ තියෙන Randolph County Asylum කියන ඇත්තම ස්ථානය වටා. මේක නිකන්ම පිස්සන් කොටුවක් නෙවෙයි, ඉස්සර සමාජයෙන් කොන් කරපු, ආබාධිත සහ අසරණ මිනිස්සුන්ව ගෙනත් දාපු “දුප්පතුන්ගේ නිවාසයක්”. ඉතිහාසය පුරාවට මෙතන 1500 කට ආසන්න පිරිසක් මැරිලා තියෙනවා වගේම ඒ අයව එතනම නම් නොකරපු සොහොන් වල වළදාලත් තියෙනවා. හිතාගන්න පුලුවන්නේ එතන කොච්චර ආත්ම ගැවසෙනවා ඇද්ද කියලා?

මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි, පරීක්ෂකවරු කණ්ඩායමක් එකතු වෙලා වර්ග අඩි 58,000 ක විසාල මේ ගොඩනැගිල්ල පුරාම අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා කරන පරීක්ෂණ ටික. විශේෂයෙන්ම අතීතයේ මෙතන සිද්ධ වුනු දරුණු ගින්නක් ආපහු ප්‍රතිනිර්මාණය කරලා (Fire Experiment) කරන කොටස සහ දරුණු “විනිසුරුවරයෙක්” (The Judge) විසින් පාලනය කරපු උසාවියක් ආපහු මවන හැටි බලද්දි නම් ඇත්තටම බය හිතෙනවා. පහළ මාලයේදි එල්ලිලා මැරුණ අයිඩා (Ida) ගේ කතාව සහ සිවිලිම දිගේ යන අද්භූත සෙවනැලි (The Creeper) කැමරාවේ සටහන් වෙන හැටි දැක්කම නම් ඇඟ සීතල වෙලා යනවා.

ඉතින් බොරු හොල්මන් කතා බලලම එපා වෙලා නම්, Paranormal Investigation වලට ආස ඔයාලට, ඇත්තටම මේ වගේ තැන්වල මොනවද වෙන්නේ කියලා බලාගන්න මේක මරු අවස්ථාවක්. විනාඩියෙන් විනාඩිය කුතුහලය පිරුනු මේ වෙනස්ම ත්‍රාසජනක අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

💠 Movie link °~ https://www.facebook.com/share/v/1KZJgKWmyw/

⭕Resurrection Road (2025)◾ලේ පිපාසිත වනාන්තරය◾English◾Action/horror◾5.7/10 IMDB◾subtitle by ÷ cineru.lk හශාන් වික්‍රමනාය...
05/12/2025

⭕Resurrection Road (2025)
◾ලේ පිපාසිත වනාන්තරය
◾English
◾Action/horror
◾5.7/10 IMDB
◾subtitle by ÷ cineru.lk හශාන් වික්‍රමනායක

හොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2025 අවුරුද්දෙ නිකුත් වුන, ඇඟ හිරිවැටෙන අත්දැකීමක් දෙන්න පුළුවන් සුපිරි Action/Horror චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් අපි යුද්ධ චිත්‍රපටි දැකලා තිබ්බට, මේක ඒ හැම එකකටම වඩා හාත්පසින්ම වෙනස්. ඇමරිකානු සිවිල් යුද්ධය අස්සට හොරර් (Horror) කතාවක් එකතු වුනාම කොහොම තියෙයිද? අන්න ඒ අත්දැකීම විඳගන්න කැමති අයට මේක පට්ට ෆිල්ම් එකක්.

කතාව පටන් ගන්නෙ ඇමරිකානු සිවිල් යුද්ධය කාලෙදි. බැරබස් (Barabbas) කියන නායකයා යටතේ කළු ජාතික සොල්දාදුවන් කණ්ඩායමකට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. මෙයාලට සිද්ධ වෙනවා ආකන්සාස් (Arkansas) වල තියෙන ඝන වනාන්තරයක් මැද හංගලා තියෙන හතුරු කඳවුරක් විනාශ කරන්න. මේක ඇත්තටම මරාගෙන මැරෙන මෙහෙයුමක්. හැබැයි මේ වනාන්තරයට ඇතුල් වුනාට පස්සෙ තමයි මෙයාලා දැනගන්නෙ තමන්ට සටන් කරන්න වෙලා තියෙන්නෙ හතුරු හමුදාවක් එක්ක විතරක් නෙවෙයි කියලා. මේ කැලෑව ඇතුලෙ මිනිස්සුන්ට වඩා භයානක, ලේ පිපාසිත අද්භූත බලවේගයක් (Vampires/Monsters) හැංගිලා ඉන්නවා. ඉතින් මේ සොල්දාදුවන්ට යුද්ධය දිනනවා වගේම මේ යක්ෂයන්ගෙන් බේරිලා පණපිටින් එන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාවේ ඉතුරු ටික.

මෙතනින් එහාට කතාවේ කුතුහලය නැති කරන්න යන්නෙ නෑ. ක්‍රියාදාම සහ ත්‍රාසය උපරිමයෙන් තියෙන මේ ෆිල්ම් එකේ Malcolm Goodwin සහ ප්‍රවීණ නළු Michael Madsen වගේ අය රංගනයෙන් දායක වෙනවා. Horror සහ War ෆිල්ම් වලට කැමති අයට මේක අලුත්ම අත්දැකීමක් වෙයි. IMDb අගය 5.7/10 ක් ලෙස සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේ වෙනස්ම කතාව බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.

Movie link °°https://www.facebook.com/reel/1343384070859683/?app=fbl

Address

Maradanmaduwa, Neriyakulama
Vavuniya
43000

Alerts

Be the first to know and let us send you an email when S p S cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category