17/05/2026
මලයාලම් වයිබ් එකක ෆ්‍රේම්ස් අස්සේ අපව හඬවන ප්‍රසන්න ජයකොඩිගේ මැජික් එක: "චන්දරේගේ Wife"
ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂවරයාගේ අලුත්ම සිනමා සිත්තම, "චන්දරේගේ වයිෆ්" ඊයේ (15)ඉඳන් සිනමාහල්වලදී ප්‍රේක්ෂකයන්ට විවෘත වුණා. ඉතින්, චිත්‍රපටයේ කුතුහලයට හානියක් නොකර, මේ අපූරු නිර්මාණය ගැන කෙටි සටහනක් තියන්න හිතුණා.
මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමාපටයක්! මවකගේ සෙනෙහසේ සුන්දරත්වය වගේම, ගමක ජීවත් වන දැවැන්ත විප්ලවවාදී ජෙප්පෙක්ගේ සැබෑ ජීවිතයත්, තමන්ගේ පවුල කෙරෙහි ඔහු තුළ ඇති වගකීම් විරහිතභාවයත් මෙහි ඉතාමත් තාත්විකව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
ඒ වගේම තවත් ලස්සන සප්‍රයිස් එකක් තිබුණා. Youtube එකේ දේශපාලනික උපහාසාත්මක Content හදන අපේ "හරප්පා සිනමා" සෙට් එකත් මේ චිත්‍රපටයේ ෆ්‍රේම්ස් අස්සේ එහෙන් මෙහෙන් දකින්න ලැබීම සිනමාශාලාවේදී ලබපු පොඩි ආතල් එකක් වුණා.
ලංකාවේ සුන්දරත්වය කිව්වම සාමාන්‍යයෙන් සිනමාවේ අපිට නිතරම දකින්න ලැබෙන්නේ දියඇලි, නුවරඑළිය වගේ හුරුපුරුදු තැන් වුණත්, ප්‍රසන්න ජයකොඩි මේ නිර්මාණය හරහා ලංකාවේ වෙනස්ම පැත්තක තියෙන, මීට කලින් නොදුටු වෙනස්ම සුන්දරත්වයක් ලෝකයට හඳුන්වා දෙනවා.
ඉතින්, මේ සිනමා අත්දැකීම මඟහැරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම ළඟම තියෙන සිනමාහලකින් නරඹන්න කියලා ආරාධනා කරනවා!
-Sanju Dilhara-