Cinema Update

Cinema Update 📽️🧡 Worldwide Cinema Update 🧡📽️
සිනමා ලෝකයේ සයිබර් අවකාශය

💠 Flop වෙලා Top වුන බොලිවුඩයේ නලු නිලියන්..තමන් රඟපෑ මුල්ම චිත්‍රපටය අති අසාර්ථක වෙලා තමන්ට බොලිවුඩයේ ගේමක් ගහගන්න බැරි ...
20/05/2026

💠 Flop වෙලා Top වුන බොලිවුඩයේ නලු නිලියන්..

තමන් රඟපෑ මුල්ම චිත්‍රපටය අති අසාර්ථක වෙලා තමන්ට බොලිවුඩයේ ගේමක් ගහගන්න බැරි යැයි කඩාවැටිලා හිටපු මේ කියන්න යන පිරිස්, අන්තිමටම නැවතුනේ ඉන්දියාවේ විතරක් නෙමෙයි මුලු ලෝකයේත් අති සුප්‍රසිද්ධියට පත්වෙලා, රේස් එකක වුනත් පටන්ගන්න කෙනා කොච්චර හොදට කලත් එයා නෙමෙයි වැදගත්, අති දුෂ්කර ලෙස ස්ටාර්ට් එක ලබාගෙනත් ජය කණුව පසුකර යන කෙනයි නියම වැඩ්ඩා, මෙයාලත් එකෙන්ම එහෙම සෙට් එකක්

🔶 Amitabh Bachchan

බොලිවුඩයේ රජුන්ගෙන් රජු Shahenshah තමයි ඔහු, තාමත් ජවසම්පන්නකම ඇතුව චරිතයන් රංගනයට ඔහු අති ශූරයි, 1969 ආපු Saat Hindustani චිත්‍රපටයයි ඔහු චරිත මැවූ මුල්ම රිදී තිර ආගමනය, එය වෙනුවෙන් හොදම නවක නලුවාට හිමි සම්මානය ඔහු දිනාගන්නේ ජාතික චිත්‍රපට උළෙලේදීයි, නමුත් එය අසාර්ථක චිත්‍රපටයක් වනවා, වැඩේ කියන්නේ එයින් පසු ආ ඔහුගේ ෆිල්ම්ස් 11-12 ක් එකදිගට ෆ්ලොප් ලේබලය ගසාගන්නවා,
' Failed Newcomer ' කියන ටැග් එකත් ඔහුට වදිනවා, බෑග් පැක් කරන් ඉන්දීය සිනමාවෙන් සමුගන්න ඔන්න මෙන්න ඉන්නකොටයි ඔහුව ' Angry Young Man ' ලෙසින් හඳුන්වන්න ගනිපු Zanjeer චිත්‍රපටය එන්නේ, ඉතින් එක රැයින් ඔහු අසාර්ථක නලුවෙක්ගේ ඉදන් අති සාර්ථක නලුවෙක් වෙනවා, පසුව එහිම රඟපෑ ජයා බහදූරී සමගින් ඔහු විවාහ වෙනවා, වෘත්තීයත්, බිරිඳත් කියන දෙකම ඔහුට එක් චිත්‍රපටයක් හරහා ලැබෙනවා

🔶 Salman Khan

බොලිවුඩයේ සිහින කුමරුවන් මුලින්ම තිර අවකාශයට පායන්නේ සහය නලු චරිතයකින්, ඒ 1988 වසරේ Biwi Ho To Aisi කියන සිනමාපටය හරහායි, සුරූපි නිලි රේඛා සමගින් ඔහු රඟපාන්නේ ඇගේ මස්සිනා ලෙසිනුයි, නමුත් එය අසාර්ථක වෙනවා, නමුත් එයින් පසු අවුරුද්දේම ඔහුගේ නොනවතින තරු ආකර්ෂණය පටන්ගන්නේ 1989 ආපු Maine Pyar Kiya චිත්‍රපටයෙනුයි, එය බ්ලොක්බස්ටර් එකක් වෙනවා, ඉතින් ඉතිරිය ඉතිහාසගතයි

🔶 Aishwarya Rai

ලෝකයේ සුන්දරම කත ගේ සිනමා සම්ප්‍රාප්තියත් පටන්ගන්නේ අසාර්ථක අදියරයකින්, 1997 වසරේ ඇගේ මුල්ම ‍රංගනය එන්නේ Iruvar නමැති දමිළ සිනමාපටයෙන්, එයට විචාරක පැසසුම් ලැබුනත් බොක්ස් ඔෆිස් වල ඇවරේජ් වෙනවා, එම වසරේම ඇය සහ බොබී ඩියොල් එක්ව රඟපාන Aur Pyaar Ho Gaya ෆ්ලොප් වෙනවා, ඇයට වාසනාව වගේම ආදරයත් හම්බවෙන්නේ Hum Dil De Chuke Sanam චිත්‍රපටයේ රඟපෑමෙන්, මෙදා සැරේ ආදරය ෆ්ලොප් වෙලා ගියත් ඇය නිලියක් ලෙසින් ක්ෂ්‍රේත්‍රයේ තමන්ගේ රදාපැවැත්ම තහවුරු කරගන්නවා

🔶 Ranbir Kapoor

බොලිවුඩයේ චොකලට් බෝයිගේ ෆස්ට් ෆිලුම එන්නේ 2007 වසරේ, ඒ සංජේ ලීලා බන්සාලිගේ Saawariya, එය ක්ලෑෂ් වෙන්නේ බොලිවුඩයේ කින්ග් ඛාන් ගේ Om Shanti Om එක්කයි, ඉතින් විවාදයකින් තොරවම ජයගන්නේ ශාරුක් ඛාන් තමයි, හැබැයි රන්බීර් ගේ රංගන හැකියාව ඉහලින්ම අගය කෙරෙන්නේ Filmfare උළෙලේදී නැගී එන හොදම නලුවා ලෙසින් සම්මාන ලබමින්, ඔහුගේ රසික විචාරක පැසසුම් ලැබූ ප්‍රථම ෆිල්ම් එක ලෙසින් සදහන් වෙන්නේ Wake Up Sid මූවී එකයි

🔶 Katrina Kaif

අනිත් අයට නැති අවාසියකුත් ඇයට බොලිවුඩයේ නමක් හදාගැනීමේදී බලපෑවා, ඒ බ්‍රිතාන්‍යය ජාතික ඇය හින්දි භාෂාව ගැන මෙලෝ හසරක් නොදැනීම, ඒ නිසාම ඇගේ මුල්ම චිත්‍රපටයන් වලට හඬකැවීමේ ශිල්පිනියකගේ දායකත්වයත් ලබාගන්න සිද්ධ වුනා, 2003 වසරේ ආපු Boom ඇය රඟපෑ මුල්ම ෆිල්ම් එකයි, අමිතාබ් බච්චන්, ජැකී ෂෙරොෆ් වගේ ප්‍රවීණයන් එක්ක ඇය රංගනයේ යෙදුනත්, ෆිලුම Box Office Bomb එකක් ඒ කියන්නේ අසාර්ථකම චිත්‍රපටයක් වුනා, එහි නිෂ්පාදිකාව වුනේ ජැකී ෂෙරොෆ් ගේ බිරිඳයි, ඔවුන්ට මේ පාඩුව දරාගන්න තමන්ගේ දේපල පවා විකුණා දැමීමට සිදුවුනා, ඇගේ පළමු ජනප්‍රිය හින්දි ෆිල්ම් එක වුනේ Maine Pyaar Kyun Kiya? චිත්‍රපටයයි, එයින් පසු බොලිවුඩය පුරාම කට්රිනා කුණාටුව ඇරඹුනා

🔶 Akshay Kumar

බොලිවුඩ් පුරයේ අංක එකේ ක්‍රියාදාම නලුවෙක් ලෙසින් තමන්ගේ සුවිශේෂී අනන්‍යතාවය ගොඩනගා ගන්න කලියෙන් ඔහුගේ පළමු සිනමා රංගනය තත්පර 10 ට සීමාවුනේ 1987 ආපු Aaj ෆිල්ම් එකේදී කරාතේ ගුරුවරයෙක් ගේ චරිතයෙන්, එය එකෙන්ම ෆ්ලොප්, එයින් පසු ආ චිත්‍රපට වලටත් අත්වුනේ ඒ ඉරණමම තමයි, නමුත් 1992 ආපු Khiladi ත් එක්ක ඔහු ජනප්‍රියත්වයේ ප්‍රථම රසය බලනවා, ' Khiladi Of Bollywood ' බවට පත්වෙමින් අදටත් මාරම ෆිට්නස් එකක් පවත්වාගෙන යන ඔහු වන් වෙනත් නලුවෙක් නම් ඉන්දීය සිනමාවෙන් නම් සොයාගන්න නොහැකියි..❤️🎥

📝 Viduni Hettiarachchi

~~ මාරක පිළිකාවෙන් පවා නැතිවුනේ නැත ඒ ආදරය ~~ ❤️❤️💐💐ප්‍රේමයට කොහෙත් ඇතිවෙන්නේ බාධා කරදර හිරිහැර තමයි, දුකේදීත් සැපේදීත් ...
17/05/2026

~~ මාරක පිළිකාවෙන් පවා නැතිවුනේ නැත ඒ ආදරය ~~ ❤️❤️💐💐

ප්‍රේමයට කොහෙත් ඇතිවෙන්නේ බාධා කරදර හිරිහැර තමයි, දුකේදීත් සැපේදීත් එකට ඉන්නවා යැයි අතිනත ගෙන දුන් පොරොන්දු සමහර ජෝඩු කඩ කෙරුවත් තවත් සමහරුන් ඉන්නවා තම සහකාරිය මාරාන්තික පිළිකාවක් සෑදී ජීවිතයත් මරණයත් අතර සටනේ යෙදෙනකොටත් එයා ලගින්ම ඉදන් සුවසෙත සලසන්න ඉදිරිපත් වුනු ආදරණීය සැමියන්, මේ කතා කරන්න යන්නේ ඉන්දියාවේ එවන් Celebrities ලා පිරිසක් ගැනයි

💞 Sonali Bendre & Goldie Behl

දැන් සොනාලි නැවතත් ඉතා සුන්දරව දිස්වෙනවා, ඒ ඇය ඇගේ පිළිකා තත්ත්වයෙන් පූර්ණ ගුණයක් ලබා ඇති නිසා, නමුත් ඇගේ සැමියා දැන් ඇයත් එක්ක බලද්දී වයස්ගතව පේනවා වැඩි නිසා ගොඩක් දෙනා කියලා තිබුනා සොනාලි ඇයි මේ වයසක මනුස්සයව බැඳගත්තේ කියලා, ඒත් එයාලා නොදන්න දේ තමයි ඒ පිරිමියාම තමයි ඇය ලෙඩ වෙලා අසාධ්‍ය වෙනකොට ඇගේ ලගින්ම සිටිමින් ඇයව රැකගත්තේ කියලා

2018 වසරේ ඉතා අවදානම් ගනයට වැටෙන ඇඟ පුරා පැතිරෙන පිළිකාවක් ඇයට ඇති බව දැනගන්නවා, තමන්ගේ රාජකාරි සියල්ල පසුවට තබා ඇගේ සැමියා ඇයව අරන් වැඩිදුර ප්‍රතිකාර සදහා නිව්යෝක් කරා යනවා, ඇගේ මානසිකත්වය හොදින් පවත්වාගන්නට ධෛර්යය ඉහල නංවන්නට රෝහල තුල ඔහු පරිසරයක් නිර්මාණය කරනවා, ඒ නොපසුබට බව නිසාම යලිත් ඇය උප්පත්තියක් ලබමින් පිළිකාවෙන් සුවය ලබනවා

💞 Ayushmann Khurrana & Tahira Kashyap

පිළිකාවක ඇති භයානකම දෙය නම් කොතෙක් ප්‍රතිකාර කලත් එය නැවත ඇතිවීමේ අවධානම, 2018 වසරේ සැප්තැම්බර් 14 හරියටම අයුෂ්මාන් ගේ උපන්දිනය දවසේම ඇයට පියයුරු පිළිකාවක් ඇති බවට සොයාගන්නවා, ඔවුන්ගේ ආදරය පිරි කැඳැල්ලට එය හෙණයක් පාත්වුනා හා සමාන වෙනවා, ඒත් එය දුක් ගැනවිල්ලක් කර නොගන්නා ඔහු හැකිවිගස ඇයව ඉක්මන් ප්‍රතිකාර සදහා යොමුකරනවා

චිත්‍රපට වල වැඩ දවල් වරුවේ කරමින් රෑට ඇය ලග ඉන්නට ඔහු හැම දවසකම පැමිණෙනවා, ඇගෙ දකුණු පියයුර ඉවත් කෙරෙනවා, බිරිඳක් සැමියාට දීර්ඝායුෂ පතා සිදුකරන Karwa Chauth චාරිත්‍රය ඔහු නිරාහාරව සිට ඉටුකරන්නේ ඇයට තව දිගු කාලයක් ජීවත් වීමට දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලමින්, කෙසේ හෝ ඇය සුවය ලැබුවත් වසර ගනනාවකට පසු පසුගිය වසරේ ආයෙමත් පිළිකා තත්ත්වය ඇති වුනු බවට සොයාගන්නවා, මේ සැරෙත් ඔහු ඇය ලගින්ම ඉන්න බවට නම් සහතිකයි

💞 Sharib Hashmi & Nasreen Hashmi

ඇයට මුඛ පිළිකාවක් වැළඳී ඇති බව දැනගන්න ලැබෙන්නෙත් කලින් කතා කරපු කාන්තාවන්ට වගේම 2018 වසරේමයි, එය අහපු ගමන්ම ඇයටත් වඩා කඩන්වැටුනේ ඔහුයි, මොනතරම් වැඩ අධික වුනත් ඔහු ඇයව රෝහල්ගත කරනකොටත්, ප්‍රතිකාර ලබන කොටත්, රෝහලින් පිටවෙන කොටත් ඇය අසලින්ම රැදුනේ කිසිම විවේකයක් පවා නොලබමින්මයි

සැත්කම් 5 ට ඇය මුහුණ දුන්නා, නමුත් යලි 6 වෙනි වතාවටත් ඇයට දරුණුවටම මේ පිළිකාව ඇතිවෙන්නේ ඇගේ ශරීරයේ සෑම අවයවයක් කරාම මෙය පැතිරී යමින්, මේ ප්‍රතිකාර සදහා සෑහෙන මුදලක් ගියත් ඔහු තමන්ගේ බිරිඳව සුව කරගැනීමේ සටන අත්හැර නම් නැහැ, තමන්ගේ දහඩිය මහන්සිය කඳුළු ඔහු හෙළන්නනේ ඇය වෙනුවෙන්මයි, ඇගේ සුන්දරත්වය වියැකී ගිහින් තිබුනත් ඔහු ඇයට ආදරය කිරීම දශමයකින් හෝ අඩුකරලත් නැහැ

💞 Hina Khan & Rocky Jaiswal

2024 වසරේ තුන්වන අදියරේ පියයුරු පිළිකා තත්ත්වයකින් ඇය පීඩාවිදින බව හෙළිවුනා, ඒ එක්ක ඔහුට තිබුනා ඇයව අතහැර වෙනතක් බලාගන්නට නමුත් ඔවුන් අතර තිබූ 13 වසරක ප්‍රේම කතාව විවාහයක් දක්වාම ඔහු අරගෙන ආවා, වෛද්‍යවරුන් හමුවට ඇයව ගෙන යමින්, ප්‍රතිකාර ගැන වැඩිදුරටත් සොයාබලමින් ඔහු ඇය ගාවින්ම රැදුනා

කීමෝ ප්‍රතිකාර වලදී ඇගේ කොණ්ඩය යනකොට ඔහුත් ඔහුගේ කොණ්ඩය කපා දැම්මා, සැත්කම් වලින් පසුව ඇතිවුනු තුවාල වලට බෙහෙත් කලා, විකිරණ ප්‍රතිකාර කරද්දී ඇයට සහය වුනා, රහසේ දුක්වුනු ඔහු ඇයත් එක්ක ඉන්නකොට ඇයව සතුටින් තියන්න පුලුවන් උපරිමයෙන් වෙහෙස වුනා, තවමත් ප්‍රතිකාර කෙරුනත් ඉතා සාර්ථක ලෙසින් ඇය දැන් ජීවිතය දිහා සුබවාදී ලෙසින් බලනවා..

📝 Viduni Hettiarachchi

අලුත් නිවසක පදිංචියට ගිය හිරාන් 😍
14/05/2026

අලුත් නිවසක පදිංචියට ගිය හිරාන් 😍

~~ තාත්තෙක් නැති ශ්‍රීලීලා ~~දරුවෙක්ට මව්පියන් දෙදෙනාගේ සෙනෙහස කොයිතරම් නම් වටිනවාද, මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැතිව ගි...
09/05/2026

~~ තාත්තෙක් නැති ශ්‍රීලීලා ~~

දරුවෙක්ට මව්පියන් දෙදෙනාගේ සෙනෙහස කොයිතරම් නම් වටිනවාද, මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැතිව ගියොත් මුලු ජීවිත කාලෙටම ඒ දරුවා දිවි ගෙවන්නේ පසුතැවිල්ලක් එක්කයි, අම්මා තමයි දරුවෙක්ට ඔයාගේ තාත්තා මේ තමයි කියලා කියන්න ඉන්නේ, ඒත් තමන්ගේ අම්මාම තම තාත්තා කවුද කියන එක කියන්න ප්‍රතික්ෂේප කලොත්

24 හැවිරිදි ශ්‍රීලීලා කියන්නේ තෙලිගු, කන්නඩ, දමිළ සහ හින්දි සිනමා ක්ෂ්‍රේත්‍රයන් වල කවුරුත් ආදරය කරන හරි හුරුබුහුටි තාරකාවියක්, ඒ වගේම ඇය වෛද්‍යවරියක්ද වනවා, ඇගේ අම්මා Swarnalatha කියන්නේත් ඉන්දියාව පුරා ඉතා ප්‍රසිද්ධ විශේෂඥ නාරිවේද වෛද්‍යවරියක්, ඇය විවාහ වී සැමියාගෙන් දික්කසාද වී බොහෝ කාලයකට පසුවයි ශ්‍රීලීලාට උපත දෙන්නේ

ඉතින් ඒ කලින් විවාහ වී සිටි කෙනා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා තමන් කිසිසේත්ම ශ්‍රීලීලා ගේ පියා නොවන බවට, අද වන තුරුත් ශ්‍රීලීලා ගේ මව ඇගේ නියම තාත්තා කවුද කියන එක ගැන හෙළිකරලා නැහැ, ඒ නිසාම වෙන්නැති ශ්‍රීලීලා අනාථ දරුවන් තුන්දෙනෙක්ට මවක් වෙන්න තීරණය කරන්න ඇත්තේත්, මොකද තාත්තෙක් ගේ සෙනෙහස ඇයට කිසිදිනක ලැබිලා නැහැ නැති නිසා..❤️❤️🙏🙏

📝 Viduni Hettiarachchi

ලස්සනට හැන්ඩියට හිටියට කොල්ලට දැන් අවුරුදු 43 ක්...Happy 43rd Birthday to Henry Cavill..! 🥺😍
07/05/2026

ලස්සනට හැන්ඩියට හිටියට කොල්ලට දැන් අවුරුදු 43 ක්...

Happy 43rd Birthday to Henry Cavill..! 🥺😍

ස්ත්‍රී දූෂකයෙක්ටත් දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුද ?  ඕනම මනුස්සයෙක්ට පුලුවන් මිනීමරුවෙක් වෙන්න, මුදල් පරමාර්ථ ඇතිව, වාසිය...
05/05/2026

ස්ත්‍රී දූෂකයෙක්ටත් දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුද ?

ඕනම මනුස්සයෙක්ට පුලුවන් මිනීමරුවෙක් වෙන්න, මුදල් පරමාර්ථ ඇතිව, වාසියක් අත්කරගන්න නැත්නම් ක්ෂණික කෝපය නිසා හෝ තමන්ට වුනු අසාධාරණයකට පළිය ගන්න වගේ හේතු කාරණා බොහෝ නිසා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක් මිනීමරුවෙක් බවට පත්වෙන්න පුලුවන්

හැබැයි අපයෝජකයෙක්, දූෂකයෙක් වෙන්න හැමෝටම බැහැ, කොටින්ම මිනිහෙක්ව මරන්න විවිධ දේවල් බලපෑවත් කාන්තාවක්ව දූෂණය කරන්න බලපාන්නේ තමන්ගේ ලිංගික ආශාව කෙසේ හෝ සංතෘප්ත කරගැනීමේ වියරුව මුලු ශරීරය පුරා උඩුදුවලා මිනිසුන්ව විකෘතියකින් පෙලෙන්න ගන්නා නිසයි

Euphoria කියන නමේ තේරුම තමයි අතිමහත් ප්‍රීතිය, හැබැයි ඒ සතුට පවතින්නේ කෙටි කාලයකටයි, එතනින් පස්සේ එන්නේ ඔබ කල කී දේවල ප්‍රතිවිපාක විදවන්නට වෙන සංක්‍රාන්ති කාලයයි, මේ තෙලිගු සිනමාපටයේ නමත් එයයි, මේ කතාව 2022 හයිද්‍රාබාදයේ ජුබිලි හිල්ස් හී සිදුවූ සමූහ දූෂණය පාදක කරගෙනයි නිර්මාණය වී තියෙන්නේ

වයස 17 ක දැරියක් ඉතා කෲර අන්දමින් බාලවයස්කාර තරුණයන් පස්දෙනෙක් අතින් දූෂණයට ලක්වෙනවා, මේ අපරාධකරුවන් සියලුදෙනා සමාජයේ බලවත් පුද්ගලයින්ගේ ළමයි, මෙය සිනමාරූපීව ඉදිරිපත් කිරීම අභියෝගාත්මක දෙයක් වුනත් චිත්‍රපටය බැලුවොත් ඔබට පෙනේවි එය කොතරම් සංවේදී අයුරින් ප්‍රේක්ෂකාගාරයට දනවන්න අධ්‍යක්ෂවරයා කටයුතු කරපු ආකාරය

ඉන්දියාව තුල අවුරුදු 12, 14, 15 පිරිමි ළමුන් කුඩා දැරියන්ව දූෂණය කරපු අධම අවස්ථා මේ වන විටත් වාර්තා වෙලා තියෙනවා, දෙමව්පියන් තමන්ගේ දරුවන්ව නොසලකා හැරීම, ඕනාවටත් වඩා ඔවුන්ට නිදහස දීම, අන්තර්ජාලයේ වැරදි සහගත දේවල් බලන්න පෙළඹීම සහ මත්ද්‍රව්‍යය භාවිතය නිසා හොද සහ නරක කියන දෙකේ ඇති පරතරය නොපෙනී යාම නිසාම මෙවන් අහස පොළොව නුහුලන අපරාධ මේ පොළෝ තලය තුල දැන් සිද්ධ වෙනවා

ගැහැනු ළමයෙක්ව දූෂණය කරපු තමන්ගේම පුතාට දෙවැනි අවස්ථාවක් ලබාගන්න සටන් කරන අම්මෙක්, කිසිදා හරිගස්සගන්න බැරි දරුණු දූෂණයක් කරපු අපරාධකාර තරුණයෙක්, මේ මව සහ පුතාගේ ඉරණම තීන්දු කරන දූෂණයට ලක්වුණ තරුණිය, විවෘත මනසකින් මේ චිත්‍රපටය බලලා ඔයාලා කියන්න

ඇත්‍තටම ස්ත්‍රී දූෂකයෙක්ට දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුද කියලා..

📝 Viduni Hettiarachchi

ආයි පාරක් හෑරිල්ලක් වගේ 🤭😍🎥👇
03/05/2026

ආයි පාරක් හෑරිල්ලක් වගේ 🤭😍🎥👇

26/04/2026

දෝණිගෙ හුරතල් බලං ඉන්න කුළෑටි
මම.. 😌😍


🎥 Video credit gose to respective owner

Sri Lankan Airlines සමගින් චෙන්නායි ඉදන් කොළඹ ආපු Kollywood සිනමාවේ සුපිරි තරුව Suriya... ❤️😱🎥👇📷 Credit gose to respecti...
22/04/2026

Sri Lankan Airlines සමගින් චෙන්නායි ඉදන් කොළඹ ආපු Kollywood සිනමාවේ සුපිරි තරුව Suriya... ❤️😱🎥👇

📷 Credit gose to respective owner

වික්‍රම්ට 60 !! 🎥😍දකුණු ඉන්දීය සිනමා නළු චියාන් වික්‍රම් අද සිය හැට වැනි (60) උපන් දිනය සමරණු ලබයිඔහුට සුබ උපන් දිනයක් ක...
18/04/2026

වික්‍රම්ට 60 !! 🎥😍

දකුණු ඉන්දීය සිනමා නළු චියාන් වික්‍රම් අද සිය හැට වැනි (60) උපන් දිනය සමරණු ලබයි

ඔහුට සුබ උපන් දිනයක් කියන ගමන්ම,,

ඔහු රංගනයෙන් දායක .වු චිත්‍රපට අතරින් වඩාත් ඔබේ සිත් ගත් චිත්‍රපටය කුමක් ද ?

ඒ ගැන කතා කරන්න අද තමයි හොඳම දවස..

📝 Chandii Jayamini

💠| A new ‘WORLD WAR Z’ II movie is officially in the works at Paramount.. 😍🎥2013 වසරේ නිකුත් වුනු ලොව පුරා සිනමා රසිකයන්...
17/04/2026

💠| A new ‘WORLD WAR Z’ II movie is officially in the works at Paramount.. 😍🎥

2013 වසරේ නිකුත් වුනු ලොව පුරා සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ World War Z චිත්‍රපටයේ දෙවෙනි අදියර නිශ්පාදනය වන බව නිල වශයෙන් වාර්තා වනවා...

ඒ Paramount චිත්‍රපට නිෂ්පාදන සමාගම යටතේයි...

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Cinema Update posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category